Fairy Herbal Products සමාගම Golden Inmedien සම්මානයට පාත්‍රවෙයි

මෙරට ප්‍රධාන පෙළේ ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන Fairy Herbal Products පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර පදනම් කර ගත් රූපලාවණ්‍ය ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වුණා.

ප්‍රකට පාරම්පරික වෛද්‍යවරියකවන එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා කවීනා ඒකනායක ආරච්චිගේ මහත්මිය වෙත එම සම්මානය පිරිනමනු ලැබුවා.

මාතර, මුලටියන ප්‍රදේශයේ පිහිටා ඇති Fairy Herbal Products සමාගම පුළුල් පරාසයක විහිදී ඇති ආයුර්වේද නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරනවා.

ඒ, අතර විවිධ රෝග තත්ත්ව සුව කිරීමට සහ රූපලාවණ්‍යය රැකගැනීමට භාවිත කළ හැකි, විශේෂයෙන්ම කුරුලෑ උවදුරින් පීඩා විඳින පුද්ගලයන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති නිෂ්පාදන රැසක් වනවා.

වසර සිය ගණනක් පැරැණි රහස් බෙහෙත් වට්ටෝරු අනුව සකසන එම නිෂ්පාදන දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. කුරුලෑ සුව කිරීම සඳහා භාවිතා කළ හැකි Fairy Face Pack එම නිෂ්පාදන අතර සුවිශේෂ වනවා.

නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කරන Fairy Herbal Products සමාගම ඒවායේ ස්වාභාවික ශාකසාර සහ ඖෂධීය වටිනාකම රැක ගැනීමට වැඩි අවධානයක් යොමු අරනු ලබනවා.

එම නිෂ්පාදන කටයුතු සියල්ල දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සිදුවීම විශේෂයි.

පසුගිය කාලය පුරා එම සමාගම සම්මාන, ඇගැයීම් සහ ප්‍රමිති සහතික රැසකින් පිදුම් ලබා තිබෙනවා.

Fairy Herbal Products සමාගම වර්තමානයේදී රූපලාවණ්‍ය ගැටලු ඉලක්ක කර ගත් නිෂ්පාදන පරාසය තව දුරටත් පුළුල් කරමින් සිටිනවා.

දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ලංකා ආයුර්වේද ප්‍රවර්න (පෞද්ගලික) සමාගම, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සහ ආයුර්වේද ඖෂධ සංස්ථාව සංවිධානය කළ Golden Inmediens සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත් වුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු ඊට සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50