EPF – ETF අරමුදල් කප්පාදු කිරීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් කැඳවීමට දින දෙයි

රජය විසින් සිදුකිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල දී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේ දී ඊට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට කල් ලබා දුන් අධිකරණය අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස නියෝග කළා.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් ජනක අධිකාරි ඇතුළු හයදෙනෙකු වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ ප්‍රධානීන්, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු 46 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදල තුළ වැඩකරන ජනතාවගේ මිලියන විස්සකට ආසන්න සක්‍රීය ගිණුම් පවතින බවයි.

ඊට අමතරව සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තුළ ආසන්න වශයෙන් මිලියන 2.6 ක සක්‍රීය සාමාජික ගිණුම් පවතින බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලට අයත් අරමුදල්වලින් සියයට අනු තුනක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන බව ද පෙත්සමෙහි සඳහන් වෙනවා.

ඒ, අනුව සේවක අර්ථසාධක අරමුදලෙන් අරමුදල් වලින් රුපියල් බිලියන 2390.4ක් රජයේ බැඳුම්කර හා සුරැකුම්පත්වල ආයෝජනය කර තිබෙනවා.

එමෙන්ම සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල අරමුදල් වලින් සියයට 86ක් පමණ රජයේ සුරැකුම්පත්වල සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර තිබෙන බවයි පෙත්සමින් සඳහන් වන්නේ.

එහි වටිනාකම රුපියල් මිලියන 352, 544 ක් වනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් මාර්තු මස 22 දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවයට අනුව දේශීය ණය ප්‍රතිවුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් දැනුම් දුන් බවයි.

එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන බවට ශ්‍රී ලංකා රජය විසින් ඔවුන්ගේ ජාත්‍යන්තර ණය හිමි ආයතනවලට ප්‍රතිඥාවක් ලබාදී තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මෙම වාතාවරණය යටතේ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල වෙතින් රජය විසින් ලබාගෙන තිබෙන ණය කප්පාදු කිරීමට කටයුතු කළහොත් ඉන් ඒවායේ සාමාජිකයින්ට දැඩි අගතියක් සිදුවිය හැකි බවයි පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ.

මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ කටයුත්තක් සඳහා රජයේ විසින් අදාළ අරමුදල්වල සාමාජිකයින්ගේ කැමැත්ත ලබාගෙන නොමැති අතර ඒ තුළින් රජය ඔවුන්ගේ අදහස් විමසීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ, තුළින් රජය සිය රාජ්‍ය ප්‍රතිපත්තීන් උල්ලංඝනය කර තිබෙන බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා

මේ තුළින් වගඋත්තරකරුවන් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් රජය විසින් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු භාණ්ඩාගාර බිල්පත් හා රජයේ බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලේ ණය මුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44