E වීසා මිලියන ගාණක් මිලට ගත් ටෙන්ඩරයේ නඩුව කැඳවීමට දින දෙයි

ඉකුත් රජය සමයේ E විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීම සඳහා ලබා දුන් ටෙන්ඩරයට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම විභාගය සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කෙරුණා.

ඒ පෙත්සම ඊයේ (22) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහි දී පෙත්සම ඉදිරිපත් කළ එපික් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි නඩු කටයුත්තක් බැවින් විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඊට විරුද්ධත්වය පළ කළ වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයෙකු සඳහන් කළේ තමන්ට වැඩිදුර විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

ඒ අනුව වැඩිදුර විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මස 19 වනදා පැවැත්වීමට දින නියම කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ගේ නම් සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීමට ද අධිකරණය විසින් අවසර ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?