E වීසා මිලියන ගාණක් මිලට ගත් ටෙන්ඩරයේ නඩුව කැඳවීමට දින දෙයි

ඉකුත් රජය සමයේ E විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීම සඳහා ලබා දුන් ටෙන්ඩරයට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම විභාගය සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කෙරුණා.

ඒ පෙත්සම ඊයේ (22) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහි දී පෙත්සම ඉදිරිපත් කළ එපික් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි නඩු කටයුත්තක් බැවින් විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඊට විරුද්ධත්වය පළ කළ වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයෙකු සඳහන් කළේ තමන්ට වැඩිදුර විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

ඒ අනුව වැඩිදුර විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මස 19 වනදා පැවැත්වීමට දින නියම කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ගේ නම් සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීමට ද අධිකරණය විසින් අවසර ලබා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38