E විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් මිලට ගැනීම ගැන අධිකරණයට දැනුම්දීමක්

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සඳහා E විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්‍ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමු කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බව නීතිපතිවරයා අද (18) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමේ ටෙන්ඩරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සම අද (18) කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන විසින් මෙම දැනුම්දීම සිදු කළා.

අදාළ පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම පෙත්සමට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පී. කුමාරන් රත්නම් සඳහන් කළේ ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අධිකරණය තීන්දු කර ඇති බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකළ විමර්ශනවලට අදාළ ලිපියක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව දැනුම්දුන්නා.

එමෙන්ම මෙම ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කර තිබෙන නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමු කිරීමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව අද පෙරවරුවේ දැනුම්දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?