E විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් මිලට ගැනීම ගැන අධිකරණයට දැනුම්දීමක්

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සඳහා E විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්‍ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමු කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බව නීතිපතිවරයා අද (18) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමේ ටෙන්ඩරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සම අද (18) කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන විසින් මෙම දැනුම්දීම සිදු කළා.

අදාළ පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම පෙත්සමට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පී. කුමාරන් රත්නම් සඳහන් කළේ ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අධිකරණය තීන්දු කර ඇති බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකළ විමර්ශනවලට අදාළ ලිපියක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව දැනුම්දුන්නා.

එමෙන්ම මෙම ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කර තිබෙන නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමු කිරීමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව අද පෙරවරුවේ දැනුම්දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38