AFC Banner
AFC Banner
Empty Ad

CID ලෙස පෙනී සිටිමින් කෝටියක් අල්ලස් අරන් – කතක් ඇතුළු 04ක් අත්අඩංගුවේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස ඊයේ (29) පස්වරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂාකර පැමිණිලිකරුට අයත් රුපියල් 12,000,000ක් හා ඩොලර් 3,500ක් අදාළ සැකකරුවන් විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරුවන් විසින් එම නිවසේ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් ඇති බව සඳහන්.

පසුව ඔවුන් විසින් පැමිණිකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමට රුපියල් කෝටි 04ක මුදලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම මුදල කෝටි 3 හමාරක් දක්වා අඩුකර ඇති අතර, එහි පළමු කොටස ලෙස රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන තිබෙනවා,

ඒ, අනුව අල්ලස් ලෙස රුපියල් කෝටියක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (30) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?