CID යෙන් අත්අඩංගුවට ගත් හිටපු SDIG ප්‍රියන්ත ජයකොඩි අද උසාවියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අද (29) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා තමා ඇතුළු පිරිසකට මරණීය තර්ජනය කළේ යැයි කියන අසත්‍ය පුවත් සමාජ ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.

හිටපු අමාත්‍ය ටිරාන් අලස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ තමාට අවස්ථා කිහිපයක දී දුරකථන ඇමතුම් සහ කෙටිපණිවිඩ ඔස්සේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් මරණීය තර්ජනය කළැයි ප්‍රියන්ත ජයකොඩි පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ප්‍රියන්ත ජයකොඩිගේ උපදෙස් මත වෙනත් පුද්ගලයෙකු විසින් මෙම දුරකථන ඇමතුම් ලබා දී ඇති බවට සිදුකළ විමර්ශවල දී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?