අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සේවා අනිද්දා සිට

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අනිද්දා (09) දිනයේ සිට
විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

මේ සඳහා ශ්‍රී ලංගම බස් රථ පමණක් 1500 ක් සේවයට යෙදවිමටයි සැලසුම් කර ඇත්තේ.

අනිද්දා (09) දිනයේ සිට ලබන 13 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වනවා.

එමෙන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම වෙනුවෙන් අප්‍රේල් 17 වනදා සිට 21 වනදා දක්වා විශේෂ බස්රථ සේවාවක් ද ක්‍රියත්මක බවයි ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ද අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලබන 09 වන දින සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර අතර, එම කොමිෂන් සභාව පැවසුවේ මගී අවශ්‍යතාවය අනුව
අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ලබන 10 වනදා සිට දුම්රිය දෙපාර්තමේන්තුව ද අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් ද අනිද්දා දිනයේ දී නැවත ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ හෙට (08) දිනයේ දී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03