CID යෙන් අත්අඩංගුවට ගත් හිටපු SDIG ප්‍රියන්ත ජයකොඩි අද උසාවියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අද (29) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා තමා ඇතුළු පිරිසකට මරණීය තර්ජනය කළේ යැයි කියන අසත්‍ය පුවත් සමාජ ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.

හිටපු අමාත්‍ය ටිරාන් අලස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ තමාට අවස්ථා කිහිපයක දී දුරකථන ඇමතුම් සහ කෙටිපණිවිඩ ඔස්සේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් මරණීය තර්ජනය කළැයි ප්‍රියන්ත ජයකොඩි පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ප්‍රියන්ත ජයකොඩිගේ උපදෙස් මත වෙනත් පුද්ගලයෙකු විසින් මෙම දුරකථන ඇමතුම් ලබා දී ඇති බවට සිදුකළ විමර්ශවල දී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42