CID භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ සතු වූ දුරකථන 30ක් ගැන විමර්ශන – මිලියන ගණනක දේපළත් අක්‍රීයයි

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සතුව තිබූ දුරකථන 30ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

එම දුරකථන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල දී කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ දේශපාලඥයින් පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (20) පාර්ලිමේන්තුවේ පැනයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර අපරාධ කල්ලි නායක කෝරළගමගේ මන්දිනු පද්මසිරි නොහොත් කෙහෙල්බද්දර පද්මේගේ රුපියල් මිලියන 30ක අඩක් නිමකර ගොඩනැඟිල්ල සහිත පර්චස් 20ක ඉඩමක්, මිලියන 20ක් වටිනා අඩක් නිමකර කාමර 06ක් සහිත ගොඩනැඟිල්ලක් යන දේපළ අක්‍රීය කර ඇති බවයි අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්වන පටබැඳි මද්දුගේ ෂෙහාන් සත්සර නොහොත් දෙහි බාලාගේ මිලියන 200ක බහුදින යාත්‍රා පහක්, මිලියන 50ක පර්චස් 15.8ක ඉඩම සහ දෙමහල් නිවස ද මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අක්‍රීය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත්සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26