AFC Banner
AFC Banner
Empty Ad

CIDය ඩයනාගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි – නීතිමය උපදෙස් ගන්න නීතිපතිත් මුණගැසිලා

හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05ක කාලයක් ප්‍රශ්නකර ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද (17) වාර්තා කරනවා.

හිටපු අමාත්‍යවරිය පෙරේදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ප්‍රකාශ සටහන්කර ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය විසින් පාවිච්චි කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කර ඇති බව සඳහන්.

මේ අතර ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමතිවරියට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (16) දිනයේ දී නීතිපතිවරයා මුණගැසී ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?