AusLanka TV 05 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දැවැන්ත මැදිරි සංකීර්ණයක්

ඕස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකේය මාධ්‍ය පෙරළිකරු AusLanka TV පසුගියදා සිය පස්වන සංවත්සරය සමරනු ලැබුවා.

සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවෙන් පිටත ඉදිකර ඇති නවීන තාක්ෂණයෙන් සහ මැදිරි පසුතල රැසකින් යුත් දැවැන්ත නවීන මැදිරි සංකීර්ණයක් AusLanka මාධ්‍ය ජාලයේ ප්‍රධානී චමිල ලොකුනාරංගොඩ සහ එහි අධ්‍යක්ෂිකා නයනි ලොකුනාරංගොඩ විසින් විවෘත කිරීමද සිදුකෙරුණා.

පස්වන සංවත්සරය සැමරීම වෙනුවෙන් AusLanka TV සමගින් අඛන්ඩව අත්වැල් බැඳගෙන සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, නීතීඥයින්, අධ්‍යාපනඥයින්, සංක්‍රමණික නියෝජිතයින් ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක්ද සුභ පැතීමට නව මැදිරි සංකීර්ණයට එක්ව සිටියා.

2020 කොවිඩ් වසංගතය වකවානුවේ ආරම්භ කෙරුණු AusLanka TV මාධ්‍ය ජාලයේ ගතවූ වසර පහ පුරා සහෘද ප්‍රේක්ෂක ඔබට නවමු අත්දැකීම් එක් කළ අයුරින්ම ඉදිරියේදීත් ටෙලි නාට්‍ය ඇතුළු රසාස්වාදය උදෙසා නවමු වැඩසටහන් රැසක් ගෙනඒමට AusLanka TV සැලසුම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකික සිසුන් වෙනුවෙන් වැඩසටහන්, ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් වැදගත් ප්‍රවෘත්ති ඇතුළු ඕස්ට්‍රේලියාව පුරා සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව එකට එකතු කරන වැඩසටහන් රාශියක් ඉදිරියේදීත් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට AusLanka TV සූදානම් වනවා.

අඩුම කාලයකින් ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයින් අතර වැඩිම ප්‍රතිචාරය හිමිකරගත් ඩිජිටල් විද්‍යුත් මාධ්‍යය බවට AusLanka TV මේ වනවිටත් පත්ව ඇති අතර මෙතෙක් AusLanka TV සමගින් අත්වැල් බැඳගත් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට එම මාධ්‍ය ජාලයේ ස්තූතිය පළකර සිටිනවා.

AusLanka TV / AusLanka Radio / Facebook / YouTube සහ auslankatv.com Web අඩවිය ඔස්සේ මෙන්ම C-3 නාළිකාව මගින් AusLanka TV නැරඹීමට දැන් අවස්ථාව පවතිනවා.

WhatsApp Image 2025 07 14 at 14.31.17 4c388585
WhatsApp Image 2025 07 14 at 14.31.18 c76b7449
WhatsApp Image 2025 07 14 at 14.31.17 aa81373c
WhatsApp Image 2025 07 14 at 14.31.18 0789578c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?