QR ක්‍රමවේදයට නිකුත් කරන ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අද රාත්‍රියේ

ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදයට නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතයි.

ඒ, අනුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් අද (14) ප්‍රකාශ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවා.

පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව සම්බන්ධ වෙනස්කම් සිදුකරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් ඊයේ (13) රාත්‍රියේ දිවයිනට ළඟා වුණා.

එම නෞකාවේ ඇති බොරතෙල්වල සාම්පල පරීක්ෂාවක් අද (14) සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ.

එමෙන්ම බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් රැගත් තවත් නෞකාවක් එළැඹෙන 23 ත්, 29 ත් අතර දිනයක දී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හරින ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිත කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳ දත්ත පරීක්ෂා කර අදාළ ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත්කර ඇති පිරවුම්හල් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12