spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

QR ක්‍රමවේදයට නිකුත් කරන ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අද රාත්‍රියේ

ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදයට නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතයි.

ඒ, අනුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් අද (14) ප්‍රකාශ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවා.

පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව සම්බන්ධ වෙනස්කම් සිදුකරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් ඊයේ (13) රාත්‍රියේ දිවයිනට ළඟා වුණා.

එම නෞකාවේ ඇති බොරතෙල්වල සාම්පල පරීක්ෂාවක් අද (14) සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ.

එමෙන්ම බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් රැගත් තවත් නෞකාවක් එළැඹෙන 23 ත්, 29 ත් අතර දිනයක දී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හරින ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිත කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳ දත්ත පරීක්ෂා කර අදාළ ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත්කර ඇති පිරවුම්හල් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?