කුසල් වෙනුවෙන් සජිත් පෙරට එයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස්මුරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ සිදුකළ යුතු ශල්‍යකර්මය සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවධානය යෝබුව තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ දේශපාලනඥයින්ට හා නිලධාරින්ට විදේශ සංචාර සඳහා අනුග්‍රහය දැක්වීමට මුදල් ඇති බවත් රටට කීර්තියක් ගෙන දුන් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් වියදම් කිරීමට ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ගැටළුකාරී බවයි.

1 7

කුසල්ගේ උරහිසේ ශල්‍යකර්මය එංගලන්තයේදී සිදුකිරීමට නියමකර ඇති අතර ඒ සඳහා වැයවන මුදල් ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතන ප්‍රධානීන් ඔහුට පවසා ඇත්තේ රක්ෂණාවරණයෙන් ලැබෙන මුදල පමණක් ලබාදෙන බවත් වැයවන ඉතිරි මුදල් සියල්ල කුසල් විසින් දැරිය යුතු බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කුසල්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වුණා.

මෙවන් පසුබිමක මෙම වසරේ අග පැවැත්වෙන පන්දුවාර 20 ලක කුසලාන තරගාවලියට එක්වීමේ අවස්ථාව මෙම ප්‍රබල පිතිකරුවාට මඟ හැරීයාමේ අවධානමක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?