කුසල් වෙනුවෙන් සජිත් පෙරට එයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස්මුරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ සිදුකළ යුතු ශල්‍යකර්මය සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවධානය යෝබුව තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ දේශපාලනඥයින්ට හා නිලධාරින්ට විදේශ සංචාර සඳහා අනුග්‍රහය දැක්වීමට මුදල් ඇති බවත් රටට කීර්තියක් ගෙන දුන් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් වියදම් කිරීමට ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ගැටළුකාරී බවයි.

1 7

කුසල්ගේ උරහිසේ ශල්‍යකර්මය එංගලන්තයේදී සිදුකිරීමට නියමකර ඇති අතර ඒ සඳහා වැයවන මුදල් ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතන ප්‍රධානීන් ඔහුට පවසා ඇත්තේ රක්ෂණාවරණයෙන් ලැබෙන මුදල පමණක් ලබාදෙන බවත් වැයවන ඉතිරි මුදල් සියල්ල කුසල් විසින් දැරිය යුතු බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කුසල්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වුණා.

මෙවන් පසුබිමක මෙම වසරේ අග පැවැත්වෙන පන්දුවාර 20 ලක කුසලාන තරගාවලියට එක්වීමේ අවස්ථාව මෙම ප්‍රබල පිතිකරුවාට මඟ හැරීයාමේ අවධානමක් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30