වැලිගම ඓතිහාසික සුව සහනයේ සමිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට සහ අනිද්දා

වැලිගම ඓතිහාසික සුව සහනයේ සමිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සැලසුම්කර තිබෙනවා.

ඒ අනුව හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ එම මංගල්‍යය පැවැත්වීමට නියමිත බවයි සිද්ධස්ථාන පරිපාලක චාල්ස් හේවාවසම් පියතුමා පවසන්නේ.

ගෙවී ගිය වසර කිහිපය තුළදී රටේ පැවති විවිධ හේතු මත ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරව සිදුකර ඇති අතර මෙවර එය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

එ අනුව හෙට (09) පස්වරු 5:30 ට සන්ධ්‍යා මෙහෙය ලසන්ත ෆොන්සේකා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර අනිද්දා (10) පෙරවරු 8:30 ට මංගල්‍ය මහා දිව්‍ය පූජාව ගාල්ල රඳගුරු අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දිව්‍ය පූජාවෙන් අනතුරුව සත්ප්‍රසාද වහන්සේ රැගත් පෙරහැර පවත්වා පැමිණි බැතිමතුන් වෙත ආශිර්වාද ගැන්වීමෙන් අනතුරුව මෙවර වාර්ෂික මංගල්‍යය නිමාවට පත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවට දිලිත් සැරටම දෙයි
07:08
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:16
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33
Video thumbnail
ලෝකයේ පළමු වතාවට බෞද්ධයන්ට ලැබුණු උතුම් අවස්ථාව..ගංගාරාම විහාරාධිපතිගෙන් විශේෂ පණිඩුඩයක්
05:52
Video thumbnail
කාදිනල් හිමිගෙන් මැති ඇමතිලට සැර සත්තමක්..කොච්චර පොරොන්දු දුන්නත් රට විනාශකාරි මාවත වෙත යන්නේ
07:32
Video thumbnail
හර්ෂද සිල්වා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ මෙන්න..75ක සා#ඵය ජනපති විසින් ප්‍රතික්ෂේප කළා
02:55
Video thumbnail
බලන්නකෝ රට රකින විරුවන්ගේ බලය..ආචාර පෙළපාලියෙන් හැඩවුණු 78වන නිදහස් දිනය
06:44


?