රට තුළ පවතින උග්‍ර ගැටළු සියල්ල හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමා අගමැතිකම බාරගැනීමට ලෑස්තියි යැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.
පවතින ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය දිගින් දිගටම වැඩි වනවා හැරෙන්න එහි කිසිම ප්රසාදාත්මක දැක්මක් පෙනෙන තෙක් මානයක නැති බැවින් මෙය තවත් දුරටත් මේ ආකාරයෙන්ම පැවතුනහොත් ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇතැයි ඔහු වැඩි දුරටත් පෙන්වා පෙන්වා දී තිබෙනවා.
මෙරට පොදු ජනතාව තමාට සහය වන්නේ නම් තමාට රටේ මූලිකවම අත්‍යවශ්‍ය ගැටළු නිරාකරණය කිරීමට තමන් සූදානම් බවත් විදෙස්ගත ලාංකිකයින් ව්‍යවසායකයින් සහ රාජ්‍ය සේවකයින් එක් කොට ඔවුන්ගේ සහය ඇතුව ලංකාව මේ ත්ත්වයෙන් ගොඩ ගන්නට අවශ්‍ය පසුබිම තමා ගොඩනගන බවත් වැඩි දුරටත් ඉදිරිපත් කර තිබෙනවා.