අමෙරිකාවෙන් ජනාධිපතිට පොරොන්දුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මෙරට සංචාරයක නිරතවන අමෙරිකානු නියෝජිත පිරිස විශේෂ සාකච්ජාවක නිරත වුණා. එහිදී ඔවුන් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බවයි.

දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිතුමා මේ වන විට රටේ පවතින ආර්ථික අසීරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කළේය.

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉතා උනන්දුවෙන් පසුවේ. මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් අමෙරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා,” යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍යසහකාර ලේකම්කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) යන මහත්වරු සඳහන් කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අවදානමට ලක්ව සිටින පවුල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බව දූත පිරිස විශ්වාසය පළ කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06