අමෙරිකාවෙන් ජනාධිපතිට පොරොන්දුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මෙරට සංචාරයක නිරතවන අමෙරිකානු නියෝජිත පිරිස විශේෂ සාකච්ජාවක නිරත වුණා. එහිදී ඔවුන් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බවයි.

දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිතුමා මේ වන විට රටේ පවතින ආර්ථික අසීරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කළේය.

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉතා උනන්දුවෙන් පසුවේ. මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් අමෙරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා,” යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍යසහකාර ලේකම්කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) යන මහත්වරු සඳහන් කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අවදානමට ලක්ව සිටින පවුල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බව දූත පිරිස විශ්වාසය පළ කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?