spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් එන දිනය මෙන්න,එදාට අනිවාර්යෙන්ම එනවා

ජුලි මස 05 වනදා සහ 12 වනදා මෙට්‍රික් ටොන් 7400ක ධාරිතාවකින් යුත් ගෑස් නැව් දෙකක් ලංකාවට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපති පවසා සිටිනවා.

ගෙන්වා ගන්නා ගෑස් සදහා මේ වන විට 25% ඇඩ්වාන්ස් මුදල්ද ගෙවා අවසන් බව ඒ මහතා පවසා සිටියා.

ඒ අනුව ජුලි 07 වනදා සිට ගෑස් බෙදා හැරීමට නියමිත බවයි ඔහු පවසා සිටියේ.

ගිවිසුම් ගත සමාගමට මුදල් ගෙවා අවසන් අතර දිනකට 12.5 බරකින් යුත් ගෑස් සිලින්ඩර් 80000ක් පමණ බෙදාහැරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ.

වැඩි දුරටත් අදහස් දක්වමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටියේ ලිට්‍රෝ සමාගමෙන් ලැබෙන සැප වැටුප හෝ දීමනා කිසිවක් ලබා නොගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?