මාස 09ක බිළිඳිය ඝාතනය කළ මව අත්අඩංගුවට

වයස මාස 09ක සිය බිළිඳිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, හලන්දුරුව පාරේ පදිංචිව සිටි 30 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (28) දින උදෑසන කාලයේ නිවසේ සිටි තම මාස 09ක බිළිඳිය කිහියම් අයෙක් රැගෙන ගොස් ඇති බව බිළිඳිගේ පියා මහබාගේ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවල දී පැමිණිලිකරුගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක් තුළ තිබී බිළිඳිගේ මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ බිළිඳියගේ මව විසින් ඇයව මෙලෙස ළිඳට දමා ඝාතනය කර ඇති බවයි.