spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20-20 ලෝක කුසලානයට නවසීලන්ත සංචිතය නම්කෙරේ

එළඹෙන විසයි විස්ස ලෝක කුසලානය එක්වන නවසීලන්ත සංචියට මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්.

මේ දිනවල පැවැත්වෙන් අයි.පී.එල් තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර, පාකිස්ථානය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතා දැක්වීම සමත් වූ ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්කර තිබෙනවා.

මේ අතර එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් එක්වන කණ්ඩායම් අතුරින් තම සංචිතය පළමුව නම්කරනු ලැබුවේ නවසීලන්තයි.

නවසීලන්ත සංචිතය පහතින්

කේන් විලියම්සන් (නායක), ෆින් ඇලන්, ට්‍රෙන්ට් බෝල්ට්, මයිකල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, මැට් හෙන්රි, ඩැරල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලෙන් ෆිලිප්ස්, රචින් රවීන්ද්‍ර, ඉෂෙල් සොන්ඩිනර්, සවුති, බෙන් සියර්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?