spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆවුසිට එරෙහි නඩුවක් කල් යයි

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (29) දිනයේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී විත්තිකාර අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු චර්ම රෝගයකින් පෙළෙන බැවින් ඔහු අද (29) දින අධිකරණයට නොපැමිණි බවයි.

ඒ, පිළිබඳ තහවුරු කරන වෛද්‍ය වාර්තාවක් ද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ, අනුව නඩුව නැවත මැයි මස 22 වනදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළා
.
ඒ.එච්.එම්.ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කළ ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?