මිනුවන්ගොඩ පොලිසියෙන් පලුගහවෙල චණ්ඩියෙක්ට කරපු අපූරු වැඩේ

මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ මහජන ආරක්ෂාව සදහා රාජකාරියේ යෙදී සිටින ගුවන් හමුදා නිලධාරියෙකුට බැන මරණීය තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ සැකකරුවෙකුව 30 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (23 වෙනිදා ) නියම කලාය…

කටුවැල්ලේගම පලුගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන
සිසිර කුමාර ද සිල්වා නැමැත්තෙකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

ඉකුත්දා (22 වෙනිදා ) රාත්‍රියේ කටුවැල්ලේගම ඉන්ධනහල වෙත ඉන්ධන ලැබී තිබේ.

ගුවන් හමුදා නිලධාරියා තම රාජකාරිය ඉටු කරමින් ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටින වාහන ක්‍රමානුකූලව හසුරුවමින් සිටියදී සැකකරු
ගුවන් හමුදා නිලධාරියාට බැන වඳිමින් ගුවන් හමුදා නිලධාරියාගේ රාජකාරිය සැකකරු විසින් සිදුකරමින් වාහන පෝලිම සැකසීමට සැකකරු කටයුතු කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කීය.

රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් කටයුතු කළ මෙම සැකකරුව එම අවස්ථාවේ එම
ඉන්ධනහලේ ආරක්ෂාවට යොදා සිටි මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද අධිකරණයේ දී සදහන් විය.

සැකකරු ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව ප්‍රකෝප කරවීමට උත්සාහ කළ බවටත්
සැකකරුගේ ක්‍රියාකලාපය නිසා
ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති වීමට ඉඩ තිබූ බවටත් පොලිස් බුද්ධි අංශ තොරතුරු මත අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

පරීක්ෂණ අවසන් නොවන හෙයින් සැකකරුව රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේය.

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥ සහායක් අධිකරණය හමුවේ නොවීය.

මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් නිරෝෂන් එදිරිසිංහ (13860) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?