මිනුවන්ගොඩ පොලිසියෙන් පලුගහවෙල චණ්ඩියෙක්ට කරපු අපූරු වැඩේ

මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ මහජන ආරක්ෂාව සදහා රාජකාරියේ යෙදී සිටින ගුවන් හමුදා නිලධාරියෙකුට බැන මරණීය තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ සැකකරුවෙකුව 30 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (23 වෙනිදා ) නියම කලාය…

කටුවැල්ලේගම පලුගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන
සිසිර කුමාර ද සිල්වා නැමැත්තෙකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

ඉකුත්දා (22 වෙනිදා ) රාත්‍රියේ කටුවැල්ලේගම ඉන්ධනහල වෙත ඉන්ධන ලැබී තිබේ.

ගුවන් හමුදා නිලධාරියා තම රාජකාරිය ඉටු කරමින් ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටින වාහන ක්‍රමානුකූලව හසුරුවමින් සිටියදී සැකකරු
ගුවන් හමුදා නිලධාරියාට බැන වඳිමින් ගුවන් හමුදා නිලධාරියාගේ රාජකාරිය සැකකරු විසින් සිදුකරමින් වාහන පෝලිම සැකසීමට සැකකරු කටයුතු කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කීය.

රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් කටයුතු කළ මෙම සැකකරුව එම අවස්ථාවේ එම
ඉන්ධනහලේ ආරක්ෂාවට යොදා සිටි මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද අධිකරණයේ දී සදහන් විය.

සැකකරු ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව ප්‍රකෝප කරවීමට උත්සාහ කළ බවටත්
සැකකරුගේ ක්‍රියාකලාපය නිසා
ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති වීමට ඉඩ තිබූ බවටත් පොලිස් බුද්ධි අංශ තොරතුරු මත අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

පරීක්ෂණ අවසන් නොවන හෙයින් සැකකරුව රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේය.

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥ සහායක් අධිකරණය හමුවේ නොවීය.

මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් නිරෝෂන් එදිරිසිංහ (13860) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15