නිදහස් උත්සවයට ගිය සිවිල් ආරක්ෂක බලකායේ 7කට කොරෝනා

ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු පාසලේ නිරෝධායනය වෙමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 7 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එහි සෙබළුන් 7 දෙනෙකු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ගෙන් 6 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ බව පලාගල සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා පැවසීය.ඔවුන් පසුගිය 4 වන දා කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වී ඇති බව ද වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ය.

එමෙන් ම, ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා පුහුණු පාසලේ නිරෝධායනය වෙමින් සිටින තවත් සෙබළුන් 50 දෙනෙකුට පමණ කොවිඩ්-19 රෝග ලක්ෂණ පවතින බවත් ඔවුන්ට අද (7) පී.සී.ආර් පරීක්ෂණ සිදු කළ බවත් වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා පැවසූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.ඒ අතරින්, සෙබළුන් 10 දෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් අනුරාධපුර සහ දඹුල්ල රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

ඒ අතරින් දඹුල්ල රෝහල වෙත ඇතුළත් කරන ලද සෙබළෙකුට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීමෙන් පසුව සිවිල් ආරක්ෂක බලකාගේ සෙබළුන් 140ක් පමණ ගල්කිරියාගම පුහුණු පාසලේ නිරෝධායනයට යොමු කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38