තෙල් පෝලිමක නවතා තිබූ බස් රථයක් පැහැර ගත් පාසල් සිසුන් දෙදෙනා

ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් පැහැර ගත් බව කියන 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්ධන ලබා ගැනීම සඳහා හෝමාගම, ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නවතා තිබූ බස් රථයකුයි මෙලෙස පැහැරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් සොරකම සිදුකර සුළු වෙලාවකට පසු බස් රථය සමඟ සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

138 හෝමාගම – පිටකොටුව බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් මෙලෙස සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සිසුන් දෙදෙනා මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඉන්ධන පිටවුම්හල ඉදිරිපිට පෝලිමේ නවතා තිබූ බස් රථය එක්වරම පණ ගන්වා කිසියම් පුද්ගලයකු රැගෙන පලා යන අයුරු ඉන්ධන පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් දැක තිබෙනවා.

අනතුරුව ඒ සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට දැනුම් දීමත් සමඟ ඔහු පැමිණ එහි සිටි පිරිසගෙන් තොරතුරු විමසා බස් රථය සොයා බසය ධාවනය වූ දෙසට ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී හෝමාගම ප්‍රදේශයේ දන්සලක් පැවති ස්ථානයක බස් රථය නවතා ඇති අතර එම අවස්ථාවේදී බස් රථයේ රියදුරු බාලවයස්කරුවකු බවට එහි සිටි පුද්ගලයකු දැක ඔහුගෙන් රියදුරු බලපත්‍රයක් තිබේදැයි විමසා තිබෙනවා.

ඒ අතර තුර බස් රථයේ හිමිකරු පොලීසිය ද සමඟ එම ස්ථානයට පැමිණ ඇති අතර පසුව බස් රථය සහ සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22