spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් පෝලිමක නවතා තිබූ බස් රථයක් පැහැර ගත් පාසල් සිසුන් දෙදෙනා

ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් පැහැර ගත් බව කියන 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්ධන ලබා ගැනීම සඳහා හෝමාගම, ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නවතා තිබූ බස් රථයකුයි මෙලෙස පැහැරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් සොරකම සිදුකර සුළු වෙලාවකට පසු බස් රථය සමඟ සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

138 හෝමාගම – පිටකොටුව බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් මෙලෙස සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සිසුන් දෙදෙනා මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඉන්ධන පිටවුම්හල ඉදිරිපිට පෝලිමේ නවතා තිබූ බස් රථය එක්වරම පණ ගන්වා කිසියම් පුද්ගලයකු රැගෙන පලා යන අයුරු ඉන්ධන පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් දැක තිබෙනවා.

අනතුරුව ඒ සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට දැනුම් දීමත් සමඟ ඔහු පැමිණ එහි සිටි පිරිසගෙන් තොරතුරු විමසා බස් රථය සොයා බසය ධාවනය වූ දෙසට ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී හෝමාගම ප්‍රදේශයේ දන්සලක් පැවති ස්ථානයක බස් රථය නවතා ඇති අතර එම අවස්ථාවේදී බස් රථයේ රියදුරු බාලවයස්කරුවකු බවට එහි සිටි පුද්ගලයකු දැක ඔහුගෙන් රියදුරු බලපත්‍රයක් තිබේදැයි විමසා තිබෙනවා.

ඒ අතර තුර බස් රථයේ හිමිකරු පොලීසිය ද සමඟ එම ස්ථානයට පැමිණ ඇති අතර පසුව බස් රථය සහ සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?