මෙහෙමත් කජු කනවද මිනිස්සු

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තොරතුරු අනාවරණයවී ඇත.

මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට අද16) උපදෙස් දුන්නේය.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදීය.

එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.

කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇත.

කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.

එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයෝ පැවසූහ. මේ අනුව ඒ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බව වෘත්තීය සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කළේ මේ අනුවය.

වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බව සේවකයෝ පැවසූහ.

ඒ කාරණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් පී ඩී එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරි උප සභාපති ගයාන් අලගියවත්තගේ සහ වරාය මුළුතැන්ගේ කළමනාකරු ජේඩී ඩයස් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23