අමු මිරිස් කරලක් රුපියල් අටයි

‘‘ෆුඩ් සිටිවල වටිනාකම දැනුයි තේරෙන්නේ’’ බඩු මල්ලක් රැගෙන එමින් සිටි අපේ මිතුරියක කීවාය. මඩු මල්ලක් කීවාට එහි කිලෝ ගණන් තිබුණේ නැත. මිතුරිය කී කතාව ගැන ඇගෙන් විමසූ විට කීවේ අපූරු කතාවකි. ගමේ කඩෙන් එළවළු ග්‍රෑම් සීය දෙසීය ගත්තොත් මුදලාලි ගමේ අපට කියාවි අපි කුණු ලෝභයෝ කන්නෙවත් නෑ කියලා. ඒත් කොහොමද මේ දවස්වල එළවළු පන්සිය කිලෝව ගන්නේ. ඒකට ෆුඩ් සියට ගියාම අමු මිරිස් කරල් පහ දහය වුණත් ගන්න පුළුවන්. කොහොමත් මේ දවස්වල අමු මිරිස් රත්තරන් වගේ. කරල් පහ දහයක් විතරයි එක සැරේ ගන්න පුළුවන්’’ ඇය කීවාය.

අපේ මිතුරිය කියන කතාවට ඇගේ කටේ මසුරන් දාන්න වටී. මේ දිනවල වෙළෙඳපොළේ තිබෙන සියලුම එළවළු කිලෝවක මිල ඇත්තේ රුපියල් එකසිය පනහට එපිටින්ය. තිබ්බොටු කිලෝවක් රුපියල් හත්සිය තිහකි. කිලෝව රුපියල් පනහට අඩු මිලකට අලෙවි වූ රාබු කිලෝව රුපියල් එකසිය අසූවකි. වට්ටක්කා එකසිය අනූවකි. කැකිරි කිලෝව රුපියල් දෙසිය හතළිහකි.

වැඩියෙන්ම මිල අමු මිරිස්ය. ලියුම්කාරිය එළවළු ගන්න ගිය වෙළෙඳසලක අමු මිරිස් කිලෝව රුපියල් නමසිය පනහකි. මිල දැකපු සැණින් හිතෙන්නේ දාහට අඩුයිනේ කියාය. හැබැයි එකක් රුපියල් පහකි.

ඕනම හොද්දකට සලාදයකට අමු මිරිස් කරල් භාගයක් හෝ අවශ්‍ය නිසා අමු මිරිස් ග්‍රෑම් සියයක් මිලදී ගත්තෙමි. එහි ඇත්තේ අමු මිරිස් කරල් දොළහකි. ගණන් හදා බැලු විට අමු මිරිස් කරලක වටිනාකම රුපියල් අටකි. වෙනදාට අමු මිරිස් ග්‍රෑම් සියයක වටිනාකමය.

රුපියල් අටේ අමු මිරිස් කරල ව්‍යංජන දෙකකටවත් දැමිය යුතුය.නැතිනම් පිරිමහ ගන්නට බැරිය. මීට බොහෝ කලකට පෙර අප මිලදී ගන්නා අමු මිරිස් ඉතා සැරය. නමුත් දැන් අමුමිරිස් කරල් දෙක තුනක් දැම්මත් මිරිස් රසක් නොදැනෙන්නේය. මේවා තක්කාලි පිපිඤ්ඤා සලාදයට නම් හොඳය.

දානේ ගෙදරක මේ දිනවල වටිනාම ආහාර වට්ටෝරුව සිංහල අච්චාරුවයි. සිංහල අච්චාරුවේ අමු මිරිස් කරලක් ලූනු ගෙඩියක් සොයා ගැනීමට පැපොල් කෑලි ගොඩේ වෙනම මෙහෙයුමක් කළ යුතුය. ඇතැමෙකු මැලේ අච්චාරුවට මෙන් සිංහල අච්චාරුවට බී ලූනු පවා එක් කරති.

අමු මිරිස් තරමටම රතු ලූනුත් ගණනින් ඉහළය. මේ දිනවල රතු ලූනු කිලෝවක මිල පවතින්නේ රුපියල් හත්සියයකය. ග්‍රෑම් සියයක් මිලදී ගත් විට එහි තිබුණේ කුඩා ප්‍රමාණයේ ලූනු ගෙඩි දහ අටකි. එක් රතු ලූනු ගෙඩියක වටිනාකම රුපියල් තුනයි ශත අසූ අටකි. සිංහල අච්චාරුවක මිරිස් කරලක් සහ ලූනු ගෙඩියක් අනුභව කළහොත් අපි රුපියල් දහයක වටිනාකමකින් යුතු ආහාරයක් අනුභව කර ඇත්තේය.

මාළු මිරිස්ද රුපියල් පන්සිය අනූවකි. අමු මිරිස් හොද්දට දමනවාට වඩා මාළු මිරිස් දැමීම ලාභ සහගතය. සුපිරි කෑමක් ලෙස මිල නියම වී තිබෙන බෙල් පෙපර් හි කොළපාට ගෙඩි කිලෝවක් රුපියල් හත්සිය පනහකි. එයද අමු මිරිස්වල මිලටත් වඩා මිලෙන් අඩුය. වම්බටු කිලෝව රුපියල් හාරසිය හතකි.

මිරිස් කරල් කිහිපයක් දමා රතු ලූනු යහමින් දමා වම්බටු මෝජුවක් අනුභව කිරීමට ඇත්නම් එය මේ දිනවල සුපිරිම කෑමකි. තක්කාලි අමු මිරිස් රතු ලූනු දැමූ ලූනු සම්බෝලය කෑම පිළිබඳව මේ දිනවල නම් සිතා ගන්නටත් බැරිය.

ඉකුත් කාලයේ බඩු මිල අඩු කරන්නැයි කියමින් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැසට් ගහනවා වගේ එක දිගටම ගැසට් ගැහුවේය. එහෙත් මිල අඩු වූ බවක් නැත. උත්සාහය අත නොහැරි ඇමැතිතුමා තවත් ගැසට් ගැසුවේය. එහෙව් එකේ අමු මිරිස්වලටත් ගැසට් ගැහුවොත් පුදුම විය යුතු නැත.

ශිරෝමි රත්නායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44
Video thumbnail
මේ කාන්තාවන් කල්ලිය දුටු තැන ප්‍රවේශම්වන්න.. - පන්සල්වලට පැනලා දානේ ගේන භාජන ටිකත් උස්සන් ගිහින්
02:14
Video thumbnail
නාමල්, වැලේනා වැලන්ටිනා සමඟ ගැම්මට කරාතේ පුහුණුවෙන හැටි - I am tapping. Which side are you go?
01:33
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29
Video thumbnail
ඔස්ට්‍රේලියාවට යන්න ඔබටත් දැන් අවස්ථාවක්
02:22
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41