විවාහ මංගල්‍යයක මනමාලයා ඇතුලු 33 කට කොරෝනා

මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකදී මනාලයා ඇතුලු 33 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරවයි මෙම උත්සවය පවත්වා ඇත්තේෙමේ හේතුවෙන් එම මංගල උත්සවයට එක්වූ 139 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුනේ.අම්බලන්ගොඩ පී.එස්. කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුටද කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ තවත් සිසුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.දරුවාගේ මවට ද කොරෝනා වැළඳී ඇති අතර, ඇයට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව ලැබෙනතෙක් නොසිට දරුවා පාසලට එවා ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සියයට 49 කින් අඩුවී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා ආසාදිතයන් 14,538 දෙනෙකු කොළඹ නගරය තුළින් වාර්තාවී ඇති බවයි.මේ අතර බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අද සිට දැඩි සීමාවන්ට යටත්ව රැඳවියෙකුගේ සමීපතම ඥාතියෙකුට අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.  

ගොසිප් ලංකා නිව්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58