දකුණු අප්‍රිකා – ඉන්දියා පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක්

ඉන්දියාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ, දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේ ඊයේ (09) රාත්‍රියේ පැවති තරගය කඩුලු 07කින් ජය ගනිමින්.

මෙම තරගාවලිය වෙනුවන්\පත්කළ ඉන්දීය සංචිතයේ නායකයාව සිටි ලෝකේශ් රාහුල් හදිසියේම තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ වගකීම රිෂාබ් පාන්ට හිමි වුණා.

ඒ අනුව ඔහුගේ නායකත්වය යත්තේ ඊයේ තරග බිමට පිවිසි ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන්නා.

එම ආරාධනයෙන් ඉන්දීය පිතිකරුවන් කඩුලු 04කට ලකුණු 211ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වූ අතර එහිදී ආරම්භක පිතකරු ඉෂන් කිෂාන් පන්දු 48කදී ලකුණු 76ක් රැසක් කළා.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 36ක් සහ හර්දින් පාන්ඩයා නොදැවී ලකුණු 31ක් රැස් කළ අතර පන්දු යැවීමේදී කේෂව් මහාරාජ්, ඇන්රිච් නොර්ට්ජේ, වේන් පාර්නල් සහ ඩ්වේන් ප්‍රිටෝරියස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 212ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සිය වගකීම් කොටස අකුරටම ඉටුකරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා පවහසුවෙන් රැගෙන ගියා.

එහිදී වැඩි වගකීම් කොටසක් කරටගත් ඩේවිඩ් මිලර් සහ රසී වැන් ඩර් ඩුසෙන් ශතක සබඳතාවක් ගොඩනඟමින් විශිෂ්ඨ ඉනිමේ දෙකක් ක්‍රීඩා කළා.

ඩේවිඩ් මිලර් පන්දු 31ක් තුළ නොදැවී ලකුණු 64ක් (හයේ 05යි හතරේ 04යි) රැස්කළ අතර ඩුසෙන් පන්දු 46ක් තුළ නොදැවී ලකුණු 75ක් (හයේ 05යි හතරේ 07) රැස් කිරීමට සමත් වුණා.

බුවනේශ්වර් කුමාර්, හර්ෂා පටෙල් සහ අක්ශාර් පටෙල් දකුණු අප්‍රිකානු කඩුලු එක බැගින් බිඳ දැමුවා.

අවසානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19යි එක පන්දුවක් තුළ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

මෙම ජයග්‍රහණය වාර්තා අතර සටහන් වුණේ දකුණු අප්‍රිකානු කාණ්ඩායම විස්සයි විස්ස තරගයකදී හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ඒ අනුව තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස මේ වනවිට දකුණු අප්‍රිකාව පෙරමුණේ
පසුවනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඊයේ ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03