කොරෝනා අස්සේ, යළිත් මෙරට තුළ හිස ඔසවන බෝවන රෝගය

ලාදුරු රෝගය මෙරට තුල යලි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.ගත වූ ජනවාරි මාසය තුළ ලාදුරු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහලගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.ලෙප්රොසි එහෙමත් නැත්නම් ලාදුරු.ලාදුරු රෝගය සැළකෙන්නේ ලෝකයේ පැරණිතම බෝ වන රෝගය ලෙසයි.

බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් හරහා පැතිර යන මෙම ලාදුරු රෝගය වැළඳුනු මෙරට පළමු රෝගියා වාර්තාවන්නේ වර්ෂ1708දී බස්නාහිර පළාතෙන්.මේ වන විට ලාදුරු මෙරටින් තුරන්ව ඇති බවට මත පළ වුණත් එහි සත්‍යතාවයක් නැහැ.ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ ලෙස නාසය අවහිරවීම, කටහඬ වෙනස්වීම, නිතර නාසයෙන් දියර ගැලීම, නාසය පටක ඉදිමීම හඳුනාගතහැකියි.කිවිසුමකින් පිටවන ශ්‍රාවයක් සම මත ස්පර්ශවීමෙන් වැළදෙන ලාදුරු රෝගය අවසන් වන්නේ ප්‍රබල ස්නායු දුර්වලවීමකට ගොදුරු කරමින්.2009 වසරේ සිට නැවතත් ලාදුරු රෝගය මෙරට තුල යම් වර්ධනයක් පෙන්නුම් කිරීම සුළුකොට තැකිය හැකි තත්ත්වයක් නොවේ.

ලාදුරු රෝගය වැළදීම කිසිසේත් සමාජයෙන් කොන්වීමට බලපාන හේතුවක් නොවන බවත් සිහිතබා ගත යුතු කරුණක්.ලාඳුරු යනු තවදුරටත් අත් පා වල ඇඟිලි අහිමිවන ප්‍රතිකාරයක් නැති රෝගයක් නොවේ.එපමණක් නොව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙකුගෙන් රෝගය බෝ වීමේ අවදානමක් නැති බවත් අප සිහිතබා ගත යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09