සති පොළක වෙළෙඳුන් 44 දෙනෙකුට කොරෝනා

අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වන බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ. හේරත් මහත්මිය පැවසුවාය.

අලව්ව සතිපොළ වෙළෙඳුන් හා ආශ්‍රිතයින් 300කට පසුගිය 30 වන දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් සතිපොළේ කොරෝනා ආසාදිත වෙළඳුන් ඇතුළු 44 දෙනෙකු හඳුනාගෙන ඇත.

හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත්, ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ඉදිරි නිරෝධායනට කටයුතු කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?