මෙරට වෙබ් අඩවි කිහිපයකට පිවිසීම තාවකාලිකව අඩාල වී තිබෙනවා.
ඩොට් එල්.කේ. ලෙස අවසන් වන වෙබ් අඩවි කිහිපයකට පිවිසීම මෙලෙස අඩාල වී ඇති අතර විදුලි පරිගණක හදිසි ප්රතිචාර සංසදය සමඟ එක්ව ඊට හේතු මේ වන විට විමර්ශන කරමින් පවතින බවයි විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඔසද සේනානායක ප්රකාශ කළේ. බොහෝ විට එය සයිබර් ප්රහාරයක් විය හැකි බවට අනුමාන කෙරෙනවා.
update – 02/06/2021 3.20Pm
මෙරට එල්.කේ. ඩොමේන් නාමය සහිත වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටීම මේ වනවිට යථා තත්වයට පත් කර ඇති බව එල්.කේ. ඩොමේන් රෙජිස්ට්රි ආයතනය ප්රකාශ කළා.
එහි ඩොමෙයින් රෙජිස්ට්රාර් මහාචාර්ය ගිහාන් ඩයස් ප්රකාශ කළේ මෙරට වෙබ් අඩවි 10 කට පමණ අද අලුයම් කාලයේ ඇතිවූ මෙම සිද්ධියෙන් බලපෑම් එල්ලවූ බවයි.
මෙම බිඳ වැටීම බාහිරින් ඇති කළ යම් වෙනසක් හේතුවෙන් සිදුව ඇති නමුත් ඊට හේතුව තවමත් සොයාගැනීමට හැකිවී නැහැ. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.