ගල් පරයක ගැටී ධිවර යාත්‍රාවක් අනතුරට ලක් වේ : ධිවරයින් කුමන කැළයෙන් හමුවෙයි

කුමන මෝය අසන්නේ පසුගිය බදාදා (03) රාත්‍රියේ ගල් පරවල වැදී බහුදින ධීවර යාත‍්‍රාවක් දෙකට කැඞී බිඳී ගොස් එහි සිටි ධීවරයන් 06 දෙනකු මුහුදට පැන ගොඩබිමට පිහිනා දිවි ගලවා ගත් ත්‍රාසජනක පුවතක් දිවයින පුවත්පත විසින් වාර්තා කර සිටිනවා.

මෙලෙස දිවි ගලවා ගෙන ඇත්තේ ගාල්ල ප‍්‍රදේශයේ පදිංචි ධීවරයෝ පිරිසකි. මෙසේ අනතුරට ලක්ව තිබෙන්නේ ජනවාරි මස 17 වන දින මසුන් ඇල්ලීම සඳහා ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින යාත‍්‍රාවක්. මෙය ගාල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් යාත‍්‍රාවකි. මෙම පිරිස ත‍්‍රිකුණාමලය මුහුදු ප‍්‍රදේශයට ගොස් මසුන් අල්ලා නැවතත් යන අතරවාරයේදී කුමන මෝයකට ආසන්නයේදී මුහුදු වෙරළේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක යාත‍්‍රාව වැදීම නිසා මෙම යාත‍්‍රාව කැබලි වී ගොස් තිබේ.

එම අවස්ථාවේදී දැඩි වැස්සක් සහ දැඩි සුළඟක් තිබීම නිසා ධීවරයන්ට යාත‍්‍රාව පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබේ. එම අවස්ථාවේදී ආරක්ෂිත කබා පැළඳ සිටි ධීවරයන් පිරිස මුහුදට පැන කිලෝමීටර් දෙකක් පමණ පිහිනා ගොඩබිමට පැමිණ තිබේ.

මෙම දිවි ගලවාගත් පිරිස කුමන වනාන්තරයට පැමිණි තිබෙන අතර කිලෝ මීටර් 10 ක් පමණ වනන්තරයේ ඇවිද ගොස් තිබේ. එම අවස්ථාවේදී වනජීවී නිලධාරීන් හට පෙරේදා (04) උදෑසන එම ධීවරයන් පිරිස හමුවී තිබේ. වන ජිවි නිලධාරීන් එම ධීවරයන් වනජීවී කාර්යාලයට රැගෙන ගොස් ඒ බව පානම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ. එම පිරිස ඊයේ වෙනිදා හවස පානම පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන ගොස් තිබේ.

අනතුර වන අවස්ථාවේ එම යාත‍්‍රාවේ අල්ලන ලද මාළු කිලෝ දෙදහස් පන්සීයක් පමණ තිබූ බවත් එම යාත‍්‍රාවේ කැඞී ගිය කොටස් විටින් විට වෙරළට ගසා ගෙන එන බවද වාර්තා වේ.

( දිවයින පුවත්පත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09