ගල් පරයක ගැටී ධිවර යාත්‍රාවක් අනතුරට ලක් වේ : ධිවරයින් කුමන කැළයෙන් හමුවෙයි

කුමන මෝය අසන්නේ පසුගිය බදාදා (03) රාත්‍රියේ ගල් පරවල වැදී බහුදින ධීවර යාත‍්‍රාවක් දෙකට කැඞී බිඳී ගොස් එහි සිටි ධීවරයන් 06 දෙනකු මුහුදට පැන ගොඩබිමට පිහිනා දිවි ගලවා ගත් ත්‍රාසජනක පුවතක් දිවයින පුවත්පත විසින් වාර්තා කර සිටිනවා.

මෙලෙස දිවි ගලවා ගෙන ඇත්තේ ගාල්ල ප‍්‍රදේශයේ පදිංචි ධීවරයෝ පිරිසකි. මෙසේ අනතුරට ලක්ව තිබෙන්නේ ජනවාරි මස 17 වන දින මසුන් ඇල්ලීම සඳහා ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින යාත‍්‍රාවක්. මෙය ගාල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් යාත‍්‍රාවකි. මෙම පිරිස ත‍්‍රිකුණාමලය මුහුදු ප‍්‍රදේශයට ගොස් මසුන් අල්ලා නැවතත් යන අතරවාරයේදී කුමන මෝයකට ආසන්නයේදී මුහුදු වෙරළේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක යාත‍්‍රාව වැදීම නිසා මෙම යාත‍්‍රාව කැබලි වී ගොස් තිබේ.

එම අවස්ථාවේදී දැඩි වැස්සක් සහ දැඩි සුළඟක් තිබීම නිසා ධීවරයන්ට යාත‍්‍රාව පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබේ. එම අවස්ථාවේදී ආරක්ෂිත කබා පැළඳ සිටි ධීවරයන් පිරිස මුහුදට පැන කිලෝමීටර් දෙකක් පමණ පිහිනා ගොඩබිමට පැමිණ තිබේ.

මෙම දිවි ගලවාගත් පිරිස කුමන වනාන්තරයට පැමිණි තිබෙන අතර කිලෝ මීටර් 10 ක් පමණ වනන්තරයේ ඇවිද ගොස් තිබේ. එම අවස්ථාවේදී වනජීවී නිලධාරීන් හට පෙරේදා (04) උදෑසන එම ධීවරයන් පිරිස හමුවී තිබේ. වන ජිවි නිලධාරීන් එම ධීවරයන් වනජීවී කාර්යාලයට රැගෙන ගොස් ඒ බව පානම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ. එම පිරිස ඊයේ වෙනිදා හවස පානම පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන ගොස් තිබේ.

අනතුර වන අවස්ථාවේ එම යාත‍්‍රාවේ අල්ලන ලද මාළු කිලෝ දෙදහස් පන්සීයක් පමණ තිබූ බවත් එම යාත‍්‍රාවේ කැඞී ගිය කොටස් විටින් විට වෙරළට ගසා ගෙන එන බවද වාර්තා වේ.

( දිවයින පුවත්පත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54
Video thumbnail
නිලධාරින් හා ගම්මු අතර දැඩි උණුසුමක්..සිංහලෙන් කියන්නේ..මෙච්චර කල් හැමෝම කේස් එක වහගෙන..
09:56
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
05:34
Video thumbnail
වින්ච් යන්ත්‍ර නිසා ධීවරයින් දැඩි උණුසුම් වෙයි..අපිම පත් කරගත්ත ආණ්ඩුව මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
05:55
Video thumbnail
කුඹුරට හොරෙන්ම ඇවිත් ඉන්නේ කවුද බලන්නකෝ
00:30


?