සචින්ගේ පුතා බංකුවේ තිබ්බේ ඇයි ? – ඉන්දියාව පුරා දැඩි කතා බහක්

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය දා අවසන් වුණේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට මෙවර ශූරතාවය හිමිකර දෙමින්.

මේ අතර අයි.පී.එල් ශූරතාවයට පස්වරක් හිමිකම් කී ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දැවැන්ත පසුබෑමකට ලක් වූ කණ්ඩායමක් බවට පත් වුණා.

මොවුන් මෙවර සහභාගී වූ මූලික වටයේ තරග 14න් තරග 10ක් ම පරාජයට පත්වූ අතර ඒ අනුව ඔවුන් තරගාවලිය අවසන් කළේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳෙමින්.

මේ අතර මෙවර තරගාවලියේදීත් මුම්බායි ඉන්දියන්ස් සංචිතයට ඇතුළත්ව සිටි ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් ටෙන්ඩුල්කාර්ට එකඳු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් මතුව තිබෙනවා.

මෙවර තරගාවලිය තුළ මුම්බායි ඉන්දියන්ස් නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදුන් අතර එහිදී එකඳු තරගයක හෝ කණ්ඩායමේ එකොළොස් දෙනා අතරට අර්ජුනව එක්කර නොගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ප්‍රශ්නකර තිබෙනවා.

2021 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුවරට අර්ජුන් ටෙන්ඩුල්කාර් අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් සිය කණ්ඩායමට එක්කරගත් අතර මෙවර වෙන්දේසියේ දීත් ඉන්දීය රුපියල් ලක්ෂ 30 කට මුම්බායි කණ්ඩායම ඔහුව මිලදී ගන්නට කටයුතු කළා.

ටිම් ඩේවිඩ්, රමන්දීප් සිං, සංජේ යාදෙව්, කුමාර කාර්තිකේයා, ඩෙවල්ඩ් බ්‍රෙවිස්, ට්‍රිස්ටියන් ස්ටබ්ස්, තිලක් වර්මා වැනි නවක ක්‍රීඩකයින්ට මෙවර තරගාවලියේ දී මුම්බායි පිලේ වැඩි ඉඩක් හිමි වූ අතර මුම්බායි පිල ඔවුන්ගේ අවසන් තරගය දිල්ලි කැපිටල්ස්ට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරන විට මෙම 22 හැවිරිදි මෙම තරුණ ක්‍රීඩකයා තෝරා නොගැනීම උණුසුම් මාතෘකාවක් වුණා.

කෙසේ වෙතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ෂේන් බොන්ඩ් අර්ජුන් ටෙන්ඩුල්කාර්ට අවසන් එකොළොස් දෙනා අතර ස්ථානයක් වෙන් නොවීම ගැන අදහස් දක්වා සිටියා.

එහිදී ෂේන් බොන්ඩ් සඳහන් කළේ කණ්ඩායමේ අවසන් එකොළොස් දෙනා අතරට පැමිණීමට තවත් ඔහුගේ පිතිකරණය සහ පන්දු යැවීම ඔප්නංවා ගත යුතු බවයි.

අර්ජුන් ඉදිරියේදී ඔහුගේ දක්ෂතා ඔප මට්ටම් කර ගනිමින් තම ස්ථානය සකසා ගතයුතු බවයි ඔහු තවදුරටත් අවධාරණය කළේ.

මීට පෙර සචින් ටෙන්ඩුල්කාර් විසින් අර්ජුන් වෙත උපදෙස් ලබාදී තිබුණේ එකොළොස් දෙනා අතරට අවස්ථාවක් ලබා ගැනීම ගැන නොසිතා තම ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කරණ ලෙසයි.

කෙසේ වෙතත් මුම්බායි පිලේ ආරම්භයේ සිට මේ දක්වා එහි ප්‍රබල සාමාජිකයෙකු වන සචින් ටෙන්ඩුල්කාර් පුත්‍රයාට මෙවර තරගවලිය්දීත් එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදීම ගැන ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඇත්තේ දැඩි කලකිරීමක් බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39
Video thumbnail
අපි මේ දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා - ඉන්ධන මිල අඩුවෙන්ම අඩු කරෙත් මේ ආණ්ඩුවද ?
05:25
Video thumbnail
මන්ත්‍රී අනුරාධ ජයරත්න දීපු පොසොන් පරාටා දන්සල - මිනිස්සු දිගු පෝළිම්වල
04:01
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31