අවුරුදු 82ක් වයස ආච්චිඅම්මා කෙනෙකුට නරුම වැඩක් කළ අසහනකාරයෙකු-ගේ කැරැට්ටුව එළියට

අතුරුගිරිය, වල්ගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 82 ක් වූ දෙදරු මවක අමානුෂික ලෙස දූsaණය කොට සැඟව සිටි පුද්ගලයකු අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මව වල්ගම ප‍්‍රදේශයේ තිබෙන තම නිවසේ තනිව සිට ඇති අතර ඇයගේ දරුවන් වෙනත් නිවෙස්වල පදිංචිව සිටිනවා.

ඇයගේ නිවස අසල කුඩා කඩ කාමරයක් කුළියට දීමට තිබෙන බවට වූ දැන්වීමක විස්තර විමසන මුවාවෙන් පැමිණි සැකකරු නිවස තුළ ඇය තනිව සිටින බව දැනගෙන තර්ජනය කොට ඇයව දූsaණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වුනා.

පසුගිය 28 වනදා උදෑසන 8.00 ත් 10.00 ත් අතර මෙම සිද්ධිය සිදුවී ඇති අතර සැකකරු පලාගොස් ඇති අතර කාන්තාව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා කලූබෝවිල රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් විසින් කරනු ලැබූ විමර්ශනකින් හෝමාගම පිංකෙත ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු 32 වියේ පසුවන පෙදරේරු රැකියාවේ නිරත විවාහකයෙක්.

සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එදින ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54
Video thumbnail
නිලධාරින් හා ගම්මු අතර දැඩි උණුසුමක්..සිංහලෙන් කියන්නේ..මෙච්චර කල් හැමෝම කේස් එක වහගෙන..
09:56
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
05:34
Video thumbnail
වින්ච් යන්ත්‍ර නිසා ධීවරයින් දැඩි උණුසුම් වෙයි..අපිම පත් කරගත්ත ආණ්ඩුව මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
05:55
Video thumbnail
කුඹුරට හොරෙන්ම ඇවිත් ඉන්නේ කවුද බලන්නකෝ
00:30


?