පොලිස් වෙස් ගෙන පැමිණි කොල්ලකරුවෝ

කොළඹ නොවිසඳුනු අපරාධ ඒකකයේ නිලධාරීන් බව හඟවමින් විමර්ශන කටයුත්තක් සඳහා පැමිණියේ යැයි පවසා ඉකුත් 03 වනදා පැමිණි පිරිසක් නිවසක මුදල් කොල්ලයක් සිදුකර තිබුණි.

රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් එහිදී කොල්ලකා සැකකරුවන් පළාගොස් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කටුගස්තොට පොලිස් වසමේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පුද්ගලයින් 4 දෙනෙකු එළෙස පැමිණ එම කොල්ලය සිදුකර තිබුණි.

එම සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ ආකාරයෙන් කොල්ලකරුවන් නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ පොලිස් නිලධාරීන් එසේ පැමිණෙන්නේ නම් හුඳුනුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය. විශේෂ අවස්ථාවක් හැරුණුවිට අනෙක් සියලුම අවස්ථාවල පොලිස් නිලධාරීන් පොලිස් රථවලින් පැමිණෙන බවත් සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් යම් ස්ථාන පරීක්ෂා කිරීමක් සිදුකිරීමට පෙර නිසි හඳුන්වාදීමක් සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කරයි. 

යම් අවස්ථාවක සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යැයි පැවසූවොත් ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54
Video thumbnail
නිලධාරින් හා ගම්මු අතර දැඩි උණුසුමක්..සිංහලෙන් කියන්නේ..මෙච්චර කල් හැමෝම කේස් එක වහගෙන..
09:56
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
05:34
Video thumbnail
වින්ච් යන්ත්‍ර නිසා ධීවරයින් දැඩි උණුසුම් වෙයි..අපිම පත් කරගත්ත ආණ්ඩුව මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
05:55
Video thumbnail
කුඹුරට හොරෙන්ම ඇවිත් ඉන්නේ කවුද බලන්නකෝ
00:30


?