පොලිස් වෙස් ගෙන පැමිණි කොල්ලකරුවෝ

කොළඹ නොවිසඳුනු අපරාධ ඒකකයේ නිලධාරීන් බව හඟවමින් විමර්ශන කටයුත්තක් සඳහා පැමිණියේ යැයි පවසා ඉකුත් 03 වනදා පැමිණි පිරිසක් නිවසක මුදල් කොල්ලයක් සිදුකර තිබුණි.

රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් එහිදී කොල්ලකා සැකකරුවන් පළාගොස් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කටුගස්තොට පොලිස් වසමේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පුද්ගලයින් 4 දෙනෙකු එළෙස පැමිණ එම කොල්ලය සිදුකර තිබුණි.

එම සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ ආකාරයෙන් කොල්ලකරුවන් නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ පොලිස් නිලධාරීන් එසේ පැමිණෙන්නේ නම් හුඳුනුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය. විශේෂ අවස්ථාවක් හැරුණුවිට අනෙක් සියලුම අවස්ථාවල පොලිස් නිලධාරීන් පොලිස් රථවලින් පැමිණෙන බවත් සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් යම් ස්ථාන පරීක්ෂා කිරීමක් සිදුකිරීමට පෙර නිසි හඳුන්වාදීමක් සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කරයි. 

යම් අවස්ථාවක සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යැයි පැවසූවොත් ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09