නිශාන්තද සිල්වා රටින් පැනගිය රහස මිචෙල් බැච්ලේගේ කටාන් පනී…

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් මෙසේය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, කොටින්ගේ බළල් අතක් ලෙස ක්‍රියා කරන බව බලශක්ති අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ගම්මන්පිල මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කරන වාර්තාව පිළිබඳ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි. එහිදී ගම්මන්පිල අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය.

වාර්තාවේ 21 වන ඡේදයේ ආණ්ඩුවේ කටයුතු හමුදාකරණය යටතේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ලෙස සරත් වීරසේකර මැතිතුමා පත් කිරීම දක්වා තිබෙනවා. වීරසේකර මැතිතුමා ඇමති පදවියට පත් වන්නේ නාවික හමුදාවෙන් විශ්‍රාම ගෙන වසර 14කට පසුවයි. හමුදා නිලධාරියෙකු වුණත් විශ්‍රාම ගත් පසු සිවිල් පුරවැසියෙකු වෙනවා. ඕනෑම සිවිල් පුරවැසියෙකුට තිබෙන අයිතිවාසිකම් විශ්‍රාමික හමුදා නිලධාරියෙකුටත් තිබෙනවා. ඔහු ඇමති පදවියට පත් වන්නේ 2010 දී ජනතා ඡන්දයෙන් මුල් වරට පාර්ලිමේන්තුවට පත් වී වසර 10කට පසුවයි. එමෙන්ම එතුමා පසුගිය මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත් වන්නේ 328,000කට අධික මනාපයක් ලබා ගෙනයි. එවැනි අයෙකු ඇමති ධූරයකට පත් කිරීම හමුදාකරණය ලෙස කොමසාරිස් නෝනාට පේනවා නම් ඒක මේ රටේ ජනතාවට කළ අපහාසයක්.

22 ඡේදයේ යුද අපරාධ කළ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කළ බවට චෝදනා කර තිබෙනවා. ඇත්තෙන්ම ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධ කළ බවට කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරන්න පසුගිය වසර 12 පුරාවට බෙදුම්වාදින් අසමත් වුණ. ඒ නිසා ශවේන්ද්‍රට නගන චෝදනාව පදනම් විරහිතයි. ඇත්තෙන්ම ශවේන්ද්‍රට යුද හමුදාපති ධූරය ලබා දුන්නේ පසුගිය ආණ්ඩුවයි. එතකොට මානව හිමිකම් කොමසාරිස්ට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අපේ ආණ්ඩුව යටතේ වැඩ කරන විටයි චෝදනා පැටව් ගහන්නේ. කොමසාරිස්වරිය කොටි බළල් අතක් බව මේකෙන්ම පෙනෙනවා.

25 ජේදයේ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ආණ්ඩුව විද්වත් කමිටුවක් පත් කළ බවත් එකී කමිටුව මානව හිමිකම් කොමිසම අවධාරණය කර ඇති පරිදි තව දුරටත් බලය බෙදීමට කටයුතු කළ යුතු බවට සඳහන් කර තිබෙනවා. ලෝකයේ සාතිශය බහුතරයක් රටවල් ඒකීය රාජ්‍යයන්. ඒවායින් බහුතරයක අපේ පලාත් සභා වැනි බලය බෙදීමක් වත් නෑ. එවැනි පසුබිමක ඒ රටවලට කිසිම බලය බෙදීමක් කිරීමට උපදෙස් නොදී ලංකාව පස්සෙන්ම පන්නන්නේ ඇයිදැයි කොමසාරිස් නෝනා අපට පැවසිය යුතුයි.

28 ජේදයේ දී පලි ගනීවි යැයි බියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ලංකාවෙන් පලා ගිය බවට ලියා තිබෙනවා. නිශාන්ත ද සිල්වා පැන ගියේ ඔහුට බොරු සාක්ෂි සැකසීම පිළිබඳ පැහැදිලි චෝදනා තිබෙන නිසා. ඔහු අද අතුරුදහන් වී සිටියත් පැනලා ගියේ ඇයි කියලා අපිවත් දන්නේ නෑ. හැබැයි ඒක කොමසාරිස් නෝනා දන්නවා. ඒ නිසා නිශාන්ත ද සිල්වා පැන යෑම පිටුපස අදිසි හස්තය කොමසාරිස් නෝනා ද කියන සාධාරණ සැකය අපට මතු වෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක , පිවිතුරු හෙළ උරුමය තරුණ ලේකම් ඉරංග විද්වත් යන මහත්වරුන් ද සහභාගී විය.

– midea unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54
Video thumbnail
නිලධාරින් හා ගම්මු අතර දැඩි උණුසුමක්..සිංහලෙන් කියන්නේ..මෙච්චර කල් හැමෝම කේස් එක වහගෙන..
09:56
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
05:34
Video thumbnail
වින්ච් යන්ත්‍ර නිසා ධීවරයින් දැඩි උණුසුම් වෙයි..අපිම පත් කරගත්ත ආණ්ඩුව මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
05:55
Video thumbnail
කුඹුරට හොරෙන්ම ඇවිත් ඉන්නේ කවුද බලන්නකෝ
00:30


?