අද ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගයේ අවසන් දිනයයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ දිනය සදහා තරගය නතර කරන විට දෙවන ඉනිම සදහා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ පිල කඩුළු 4ක් දැවී රැස්කර ගෙන සිිටි ලකුණු සංඛ්‍යාව 34කි. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල ලකුණු 365ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා පිල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 506ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට ලකුණු 107ක් ඉදිරියෙන් සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?