කන්තෝරුවේ ලොකු පුටුව ගන්න සැමියා බිරියගේ බෙල්ල මි,රිකයි

ඇය, සතුන්ගේ සෞඛ්‍ය ගැන සොයා බලන තැනක ඉහළම තනතුරක් හොබවන්නියකි. හැම රාජ්‍ය සේවකයකුම වසර 60න් විශ්‍රාම යා යුතු වුවත් ඇයට ඒ වයසත් ඉක්මවා සේවයේ රැඳී සිටින්නට තරම් වාසනාව ලැබී තිබේ.

මේ තනතුර වුව ඇයට හිමිවූයේ සුදුසුකම් ඇති නිසාම නොව ඇයට පෙර තනතුරේ සිටි නිලධාරියා හදිසියේ මිය යෑම නිසාය. මේ බලවන්තියගේ සැමියා සේවය කරන්නේද මෙම ආයතනයේම විධායක නිලධාරියකු හැටියටය. ඔහු ඇයට වඩා වයසින් මසකින් බාල වීමයි.

මේ වන විට වයස හැට එකද සපුරා විශ්‍රාම යෑමට ඔන්න මෙන්න කියා සිටින ඇය ඊට පෙර ඒ තනතුරට තම සැමියා ගෙන ඒමට ගත් උත්සාහයක් වැරදී යෑම නිසා දැන් ඇයට ඉන්න හිටින්නට තැනක්ද නැතිවන තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

ක්‍රම සහ විධි භාවිත කරමින් තමගෛ් තනතුරේ අනුප්‍රාප්තිකයා ලෙස සැමියා තෝරා ගත්තත් ඔහු එම තනතුරේ හිඳුවීමට නම් බාධාව වූයේ ඔහුට සේවා දිගුවක් ලබා ගැනීමට නොහැකි වීමය. ඒ නිසා බිරිඳට කලින් විශ්‍රාම ගන්නා ලෙස සැමියා බල කරන්නට පටන් ගත්තත් ඇයට විශ්‍රාම ගැනීමට නොහැකි වූයේ ඇය වසරක සේවා දිගුවක් පිට සිටින නිසාය. දිනක් ඇයගේ කාර්යාලයට කඩා වැදුණු සැමියා ඇයගේ බෙල්ල මිරිකා ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ගැනීමට උත්සාහ ගත්තේය. ඒ සිදුවීම සේවකයන් ​නොදකින්නට, තනතුරක් වෙනුවෙන් බිරිඳ ඝාතනය කළ සැමියකු ගැන පුවතක් වාර්තා වන්නට ඉඩ තිබිණි.

අවසානයේ සිදුවූයේ සැමියාට උසස්වීම නොමැතිව විශ්‍රාම ගන්නටය. බිරිඳ ආයතනයට ලොක්කා වුවත් ගෙදර ලොක්කා තමා බව කියමින් ඔහු දැන් නිතර නිතර සිය බිරිඳ නිවසින් එළවා දමන බව දැන ගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19