ශිවාගේ බිරිඳ අත්අඩංගුවට

ඉන්දියාවට පළාගොස් ඇති බවට සැක කෙරෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිවා නොහොත් නන්දකුමාර් ශිවනන්දන් ගේ බිරිඳ ලෙස සැළකෙන කාන්තාවක් හෙරොයින් සමඟ තලාහේන ජයමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් හතයි මිලිග්‍රෑම් 250ක් සොයාගෙන ඇති අතර, 44 හැවිරිදි ඇය කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි නෝනා ෂෙරීන් ෂෙයික් අහමඩ් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.