විදුලිය නාස්ති කරන්න එපා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්

ඉන්ධන සැපයීමේ ගැටලු හේතුවෙන් රටේ විදුලිය සැපයුම දැඩි ලෙස අඩාල වී තිබේ. මේ නිසාවෙන් විදුලි සැපයුම යථා තත්වයට පත්වන තුරු විදුලි පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙනවා.සංඥා පුවරු, නියෝන් සහ LED සංඥා, ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුවරු ආලෝක කිරීමට ජාතික විදුලි පද්ධතියෙන් සැපයෙන විදුලිය භාවිත නොකරන ලෙස දැනුම් දී තිබේ.

විදුලිය කප්පාදුව අවම කිරීමට මෙන්ම විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට මෙය උපකාර වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ