තෙන්නකෝන්ට ගහපු අය ඉක්මනින් අත්අඩංගුවට ගැනීමේ කාර්යක්ෂමතාවය හොඳයි.. ගෝඨා ගෝ ගමට පහර දුන් අය අත්අඩංගුවට ගන්න බැරි එකටනම් කණගාටුයි.

ගෝඨා ගෝ ගම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.

ගෝඨා ගෝ ගම අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් විසඳුමක් සෙවීමට අගමැතිවරයා විසින් භාර දුන්නේ රුවන් විජයවර්ධන මහතාටයි.

මේ සම්බන්ධයෙන් තමාට පුළුල් වගකීමක් පවරා ඇති අතර ගෝඨා ගෝ ගමට පහරදීමට අදාල ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට හේතු මෙන්ම අදාල විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව ද කඩිනමින් කරුණු හෙළි කරන ලෙස රුවන් විජයවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

අරගලකරුවන්ට පහරදීමට පැමිණි හෝ පහර දුන් ප්‍රධාන පුද්ගලයන් කිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් එදින ඇති වූ ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු සැකකරුවන් ගණනාවක් නම් කරමින් කොටුව අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ද ගොනු කර තිබෙන බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කරනවා.

නිරායුධ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ද පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රසිද්ධ කාරණයක් බවත් එම සිද්ධියට සම්බන්ධ ප්‍රහාරකයන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට පත්වූ අතර එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලීසියේ කාර්යක්ෂම සේවය අගය කරන බව කියන විජයවර්ධන මහතා නිරායුධ අරගලයට පහරදීමේ සිදුවීමට දින ගණනාවක් ගත වී ඇතත් ඊට සම්බන්ධ එක් අයෙකු පමණක් ඊයේ (15) උදෑසන අත්අඩංගුවට ගත්ත ද අනෙක් ප්‍රධාන සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බව ද සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48