බංකරයේ සැගවී සිටින මහින්දයි රනිල් අගමැති කමට යෝජනා කළේ

මහා ලේ වැගිරීමක් සිදුකොට දැනට සැඟවී සිටින මහින්ද රාජපක්ෂ මහතා බංකරයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කරනු ලැබු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

එමෙන්ම රාජපක්ෂලාගේ ගැලවුම් කරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ හා සමාජය විසින් හඳුනාගෙන ඇති බවත් කිසිදු ජනවරමක් නොමැති පරාජිත පුද්ගලයෙකු සහ කිසිදු අවස්ථාවක සිවිල් සමාජය තුළින් යෝජනා වූ පුද්ගලයෙකු හිටි හැටියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පුදුමසහගත බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්යේ ගුණාංග සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කරන උන් වහන්සේ පෙන්වා දෙන්නේ මහනායක හිමිවරුන්ගේ සහ සෙසු ආගමික නායකයින් ගේ ආශිර්වාදය ද සමඟින් ව්‍යවස්ථානුකූලව සහ අවස්ථානුකූලව අගමැති ධුරය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියද ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

උන්වහන්සේ මෙම කරුණු හෙළි කරනු ලැබුවේ නාලිකාවකට විශේෂ සාකච්ජාවකට එක්වෙමින්

ගෝල්ෆේස් අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පසුගියදා පොලිසිය විසින් සිදු කරනු ලැබූ නිවේදනය සිදුකර ඇත්තේ පොලිසිය විසින් නොවන බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කරනු ලැබුවා.

උන්වහන්සේ පෙන්වා දුන්නේ සියලු තත්වයන් මැද විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?