බංකරයේ සැගවී සිටින මහින්දයි රනිල් අගමැති කමට යෝජනා කළේ

මහා ලේ වැගිරීමක් සිදුකොට දැනට සැඟවී සිටින මහින්ද රාජපක්ෂ මහතා බංකරයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කරනු ලැබු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

එමෙන්ම රාජපක්ෂලාගේ ගැලවුම් කරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ හා සමාජය විසින් හඳුනාගෙන ඇති බවත් කිසිදු ජනවරමක් නොමැති පරාජිත පුද්ගලයෙකු සහ කිසිදු අවස්ථාවක සිවිල් සමාජය තුළින් යෝජනා වූ පුද්ගලයෙකු හිටි හැටියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පුදුමසහගත බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්යේ ගුණාංග සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කරන උන් වහන්සේ පෙන්වා දෙන්නේ මහනායක හිමිවරුන්ගේ සහ සෙසු ආගමික නායකයින් ගේ ආශිර්වාදය ද සමඟින් ව්‍යවස්ථානුකූලව සහ අවස්ථානුකූලව අගමැති ධුරය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියද ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

උන්වහන්සේ මෙම කරුණු හෙළි කරනු ලැබුවේ නාලිකාවකට විශේෂ සාකච්ජාවකට එක්වෙමින්

ගෝල්ෆේස් අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පසුගියදා පොලිසිය විසින් සිදු කරනු ලැබූ නිවේදනය සිදුකර ඇත්තේ පොලිසිය විසින් නොවන බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කරනු ලැබුවා.

උන්වහන්සේ පෙන්වා දුන්නේ සියලු තත්වයන් මැද විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !