වියට්නාම් ජනපති ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (08) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියා.

වියට්නාම් – ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සහ දෙරටේම ජනතාවට ප්‍රතිලාභ රැසක් උදා කර දෙමින් වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ සාර්ථක සංචාරයක නිරත වුණා.

වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වූයේ වසර 15කට පසුවය. වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම සංචාරය සිදු වීම විශේෂත්වයක්.

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට සමු දීම වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා ගිහින් ආණ්ඩුවට උදව් කරන්න - රනිල් සජිත්ගේ මුහුණටම කියයි
06:42
Video thumbnail
මෙහෙම කරන්න කියලා සජිත්ගෙන් ඉල්ලීමක් කළේ නාමල් රාජපක්ෂ
01:20
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් යනවා - ආවෙත් කැමැත්තෙන් නෙමෙයි
02:01
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46