කොළඹ සහ වියට්නාමයේ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්වුණා.

වියට්නාම් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සංසදය, වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයට සමගාමීව ඒ මහතාගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර ආර්ථික සහයෝගිතාව පුළුල් කිරීම සඳහා දෙරටෙහි කැපවීමද පිළිබිඹු වුණා.

මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වූයේ වෙළඳාම ව්‍යාප්ත කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සහ සංචාරක සහයෝගිතාව යන ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් දෙරටෙහි ද්විපාර්ශ්වික ආර්ථිකමය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමයි. ඒ සඳහා නව මාවත් ගවේෂණය කිරීමට, ව්‍යාපාර අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ වෙළෙඳපොළ ප්‍රවේශය පහසු කිරීමට දෙරටේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට මෙයින් අවස්ථාව උදා වුණා.

සංසදය අතරතුර, කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කරන ලදී. වියට්නාම් එයාර්ලයින්ස් (Vietnam Airlines) සහ වියට්ජෙට් එයාර් (VietJet Air) මගින් ක්‍රියාත්මක වන මෙමඟින් දෙරට අතර සහ දෙරටෙහි ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වනවා.

මෙම සංසදයේදී ප්‍රධාන සහයෝගිතා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තැබීම සිදු විය. මීට අමතරව, ලංකා වාණිජ මණ්ඩලය යටතේ ශ්‍රී ලංකා-වියට්නාම් ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීමද මෙහිදී සිදු වූ සුවිශේෂී සිදුවීමක්.

සංසදයට සමගාමීව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ව්‍යාපාරික ජාලකරණ සැසියක් සංවිධානය කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකා – වියට්නාම් ව්‍යාපාරිකයන්ට ඔවුනොවුන් සමඟ සෘජුව ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබිණි. දෙරටේම පෞද්ගලික අංශයෙන් මෙයට යහපත් සහභාගීත්වයක් ලැබුණු අතර, වෙළෙඳාම පුළුල් කිරීම සහ ස්ථායි සැපයුම් දාම නිර්මාණය කර ගැනීම පිළිබඳ ව්‍යාපාරිකයෝ දැඩි උනන්දුවක් දැක්වූවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරුද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

වියට්නාමය නියෝජනය කරමින් දේශපාලන මණ්ඩල සභික, පක්ෂ මධ්‍යම කාරක සභාවේ ලේකම් සහ මධ්‍යම සංවිධායක කොමිසමේ ප්‍රධානී Nguyen Duy Ngoc , දේශපාලන මණ්ඩල සභික, පක්ෂ මධ්‍යම කාරක සභාවේ ලේකම් සහ ප්‍රතිපත්ති සහ උපායමාර්ග පිළිබඳ මධ්‍යම කොමිසමේ ප්‍රධානී Nguyen Thanh Nghi, දේශපාලන මණ්ඩල සභික, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය Phan Van Giang, දේශපාලන මණ්ඩල සභික සහ මහජන ආරක්ෂක අමාත්‍ය Luong Tam Quang, දේශපාලන මණ්ඩල සභික සහ විදේශ කටයුතු අමාත්‍ය Le Hoai Trung යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44