ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට අදාළ ව්‍යාපෘති කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

ජනතාවගේ ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ජනතාවගේ වත්මන් අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාවට ප්‍රමාණවත් පානීය ජල සැපයුමක් සහතික කිරීමට නොහැකි වීමෙන් ගැටලු රැසක් මතු වන බවද පෙන්වා දුන්නා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, අයවැය ප්‍රතිපාදනවල ප්‍රගතිය සහ අවශ්‍යතා මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට අදාළ නිලධාරීන් සමඟ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

අදාළ ව්‍යාපෘති කඩිනමින් හඳුනා ගනිමින් ඒවා ආරම්භ කළ හැකි දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කෙරෙන දිනය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා එහිදී කිසිසේත් මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත් ව්‍යාපෘති සැලසුම් කර අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දුන්නා.

එමෙන්ම, මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි විදේශ ණය පිළිබඳ බලා නොසිට හැකිතරම් දේශීය අරමුදල්වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘති සැලසුම් කිරිම සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩල බඳවා ගැනීමටද උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එසේ නොමැති වූ විට ව්‍යාපෘති සඳහා අමතර වියදමක් දැරීමට සිදු වීම, වැය කරන මුදලෙහි ප්‍රතිලාභ අහිමි වීම සහ එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරි වසරේද ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවීම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බවද පෙන්වා දුන්නා.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, මහනුවර, ගම්පොළ, අනුරාධපුර, වවුනියාව, යාපනය, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීමට ක්‍රියාත්මක සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති, එහි ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී වෙන් වෙන්ව විමසා බැලුවා.

ප්‍රධාන ජල නළ අබලන් වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රමාණවත් ජල ධාරිතාවක් නොලැබීමේ ගැටලු මතුව තිබෙන බවත්, එම ගැටලු මඟහරවා ගැනීමේ සැලසුම් පිළිබඳවත් මෙහිදී නිලධාරීන් කරුණු ඉදිරිපත් කළ අතර, එම කටයුතුවලදී මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජලසම්පාදන මණ්ඩලය මනා සම්බන්ධීකරණයකින් සහ සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සහ පානීය ජල අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වී ඔය ජලාශ ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නා.

උතුරුමැද මහ ඇළ සහ වයඹ ඇළ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර වැලිකන්ද, මැදිරිගිරිය සහ ලංකාපුර ප්‍රදේශවල ජනතාව මුහුණ දී සිටින උග්‍ර පානීය ජල හිඟයට විසදුම් සෙවීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලමින් වැඩි පිරිවැයක් දැරීමට සිදු නොවන ව්‍යාපෘති දේශීය අරමුදල් යොදා ගනිමින් කඩිනමින් අවසන් කිරීමටද උපදෙස් ලබා දුන්නා.

අත්‍යවශ්‍ය ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දීම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති අතරමග නැවතුණද සියලු ව්‍යාපෘති ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ඒවා බැවින් ඉතා සැලසුම් සහගතව සහ විධිමත්ව ක්‍රියාත්මක කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සුබසිංහ, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි සමරසිංහ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලාන් කුමරන්, මන්නාරම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජෙගදීෂ්වරන්, මුලිතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. තිලකනාදන්, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් එල්.බී. කුමුදුලාල්, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ.එම්.පී.සී.පී බණ්ඩාර, ජල සම්පත් මණ්ඩලයේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ. හේරත් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13