හෙට (13) දිනයේදී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. එළඹෙන සඳුදා දිනයේ දී ඒවා බෙදාහැර අවසන් කිරීමට නියමිත බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන සඳුදා දිනයේදී ඒවා බෙදාහැර අවසන් කිරීමට නියමිත බවය.
“මෙවර පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයින් වෙත ලබාදිය යුතු විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා. තවත් කොටසක් ලැබෙමින් තිබෙනවා.”
“එම සියලුම ප්‍රවේශපත්‍ර අදාළ පාසල් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන් වෙත බෙදාහැරීමේ කටයුතු හෙට දවසේ සිට ආරම්භ වෙනවා.”
“දැනටමත් අභ්‍යන්තර කටයුතු සඳහා අවශ්‍ය ලිපි වෙන්කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතිනවා.”
“ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ඒවා ලැබෙයි. එ් අනුව සඳුදා වනවිට බෙදාහැරීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි.”













